ආන්දෝලනාත්මක චරිතයක් වූ නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට



මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ආශිර්වාද කිරීමත් ජනතාවගේ දැඩි ඉල්ලීමත් හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයට අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර ඇති බව  දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියෝ බැහැදැකිමට ගිය අවස්ථාවේ දීයී.

මෑත කාලයේ රට තුල ආන්දෝලනාත්මක චරිතයක් වූ නාමල් කුමාරගේ චොදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ජනාධිපිත මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් මුල් වරට හෙලි කරනු ලැබුවේ මෙම නාමල් කුමාර  නැමැත්තායී.









Powered by Blogger.