මීලග පාර්ලිමේන්තු සැසිවාරයේ කරු ජයසූරියට එරෙහිව විශ්වාස භංගයක්




චෝදනා ගණනාවනක් මුල්කරගනිමින් වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිවවිශ්වාස භංගයෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා  කෙටුම්පත් කිරීම මේ වන විටත් ජනාධිපති නීතීඥයෙකු විසින් සිදු කරමින් තිබෙන බවටයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ෙස්වාධීන තනතුරක් ලෙස පැවතිය යුතු රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ තීන්දු තීරණවලට අභියෝග කිරීම, විදෙස් රාජතාන්ත‍්‍රිකයන් පාර්ලිමේන්තුවට කැදවා රට තුල අභ්‍යන්තර ප‍්‍රශ්ණ ජාත්‍යන්තරකරණය කිරීම, කතානායක ධුරය එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය ලෙස අතිශය පක්‍ෂපාතීව හැසිරීම ආදී චෝදනා ගණනාවනක් එම පාර්ශවය විසින්  වත්මන් කතානායකවරයාට එල්ල කරනවා.

මීලග පාර්ලිමේන්තුව කැදවන මුල් දින හෝ දෙවැනි දිනයේදී මෙම විශ්වාස භංගය ගෙන ඒමට නියමිතයි.
Powered by Blogger.