අග්‍රාමාත්‍යවරයාට එරෙහි විස්වාසභංඝයක් කතානායක වරයාට - පාර්ලිමේන්තුවේ දැන් පවතින තත්වය මෙන්න


කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලවකට පෙර අවසන් වූණා.

එහිදී පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තුවේ අද දවසේ න්‍යාය පත්‍රය සාකච්ඡා කර තිබෙනවා.

මේවන විට ආණ්ඩු පාර්ශවය සහ විපක්ෂ පාර්ශවය පාර්ලිමේන්තුවේ ස්ථාන දෙකක විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් පවත්වමින් ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාර්ලිමේතුවට පැමිණ ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තව සුළුමොහොතකින් පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිතයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංඝයක් ගෙන ඒම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක වරයාට  අදාල අත්සන් සහිත ලිපියක්  අද පෙරවරුවේ බාර දී තිබෙනවා.

තවද, පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා.

Powered by Blogger.