CID නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව නැවත අවලංගු කරයි හේතුව මෙන්න



 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබා දුන් ස්ථාන මාරුව නැවතත් අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඔහුට මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමේ ලිපිය පසුගිය 18 වන දා නිකුත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් යොමු කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි පෙන්වා දී තිබුණේ, මෙම පොලිස් පරීක්ෂකවරයා වසර 20ක පමණ සේවා කාලය තුළ අපරාධ විමර්ශනයේදී සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළ කීර්තිමත් නිලධාරියෙකු බව යි.

මේ අතර සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ජාතික පොලිස් කොමිසමට ද කරුණු වාර්තා කර ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය , කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මහත්වරුන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර පිළිබඳව විමර්ශන වැඩි ප්‍රමාණයක් සිදු කළේ, මෙම නිලධාරියා ප්‍රමුඛ කණ්ඩායමකි.

ඔහුට ලබා දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමේ වැදගත්කම පෙන්වා දෙමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ජනාධිපතිතුමාට ද ලිපියක් යවා ඇත.

ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නිවේදනයක් නිකුත් කළේ ය.

මෙම ලිපි හුවමාරු වීම් අතරවාරයේ දීයී පොලිස්පතිවරයා අදාළ ස්ථාන මාරුව අවලංගු කිරීමට පියවර ගත්තේ.

Powered by Blogger.