මෙරට රැකියාවට ආ ඉන්දියන් ජාතිකයන් විශාල පිරිසක් අතරමං වෙලා - කන්න බොන්න මූලික පහසුකම්වත් නෑ - Photos


ඉන්දීය කොන්ත‍්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ ඉන්දීය තරුණයින් පිරිසක් නිසි පහසුකම් නොමැතිව නිවසක රඳවා සිටියදී හමු වී තිබෙනවා.

රැකියා දෙන බව පවසමින් ඔවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබුණත් මාස 02ක් පමණ තිස්සේ රැකියා කළද ඔවුන්ට වැටුප් ගෙවා නොමැති බවයි වාර්තා වෙන්නේ. ආහාර හෝ ජලය ද නිසි ලෙස නොමැතිව තමන් නිවසක රඳවාගෙන සිටින බවයි ඔවුන් කියා සිටියේ.

හැකි ඉක්මණින් තමන්ව මව් රටට පිටත් කරන ලෙස මෙම ඉන්දීය ජාතිකයින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

තිස් දෙනෙකු පමණ පිරිසක් මෙලෙස රඳවාගෙන ඇති අතර ඒ ගලේවෙල කටුපොත ප‍්‍රදේශයේ නිවසකයි.






Powered by Blogger.