ප්‍රධාන පෙළේ පාතාල සාමාජික ‘හබරකඩ වසන්ත’ සහ ‘මීගොඩ උපුල්’ කොට්ටාවේදී STF වෙඩිපහරින් මිය යයි

මෙරට ප්‍රධාන පෙළේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයන් වූ ‘හබරකඩ වසන්ත’ සහ ‘මීගොඩ උපුල්’ දෙදෙනා කොට්ටාව රුක්මල්ගොඩ ප්‍රදේශයේ  අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට දී  එස්.ටී.එෆ්.  නිලධාරීන් එල්ල කල වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

පාතාල සාමාජිකයන් පිරිසක් රුක්මල්ගොඩ ප්‍රදේශයේ ස්ථානයක අපරාධයක් සැලසුම් කරමින් සිටින බවට විශේෂ බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත STF නිලධාරීහු එම ස්ථානය වැටලා ඇති අතර, එහිදී පැනයාමට තැත්කළ සැකකරුවන්ටයි මෙලෙස වෙඩිතබා ඇත්තේ.


ප්‍රහාර හමුවේ දෙදෙනෙකු තුවාල ලබා වැටී ඇති අතර, ඔවුන් පසුව රෝහල්ගත කරීමේ දී මියගොස් තිබෙනවා. මිය ගිය දෙදෙනා  හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන පාතාල සාමාජිකයන් බවයි පොලීසිය සඳහන් කලේ. ඔවුන් සන්තකයේ තිබූ මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද සොයා ගත්තා.

මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙක් වන   හබරකඩ වසන්ත නැමැත්තා පසුගියදා පොලිස් නිලධාරීන්ටද මරු කැඳවමින් මාතර නගරයේදී සිදුවූ නිලේකා ජුවෙලරි සාප්පුව කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් බවද පොලීසිය කියා සිටියා.

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා පලායාමෙන් පසු පසුගිය මාස කිහිපය තිස්සේම හබරකඩ වසන්ත නැමැත්තා අල්ලාගැනීමට පොලිස් ඇස යොමුවී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල 74 ක් කොල්ලය සිදුවූ කාලයේ හබරකඩ ප‍්‍රදේශයේ ඔහුගේ හිතවතකුගේ නිවස ඉදිරිපිට වළ දමා තිබියදී යී සොයාගෙන තිබුණේ.

Powered by Blogger.