බන්ධනාගාර ආශ්‍රිතව කළ හදිසි වැටලීමක දී ජංගම දුරකතන 115ක් අතුළු භාන්ඩ රැසක් හමුවෙයි


 බන්ධනාගාර 15ක් ආශ්‍රිතව කළ වැටලීම්වලදී ජංගම දුරකතන ඇතුළු නීති විරෝධී උපකරණ තොගයක් සොයා ගැනීමට බන්ධනාගාර  බුද්ධි අංශයට හැකිවී තිබෙනවා. එහිදී රැඳවියන් සන්තකයේ තිබී  ජංගම දුරකතන 115ක් , සිම්පත් 127ක්, ජංගම දුරකතන බැටරි 57ක්, දුරකතන චාජර් 27ක් සහ කුඩා ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116ක්  සොයාගත් බවයි බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

නීති විරෝධී උපකරණවලින් වැඩිම ප්‍රමාණයක් කළුතර බන්ධනාගාරය ආශ්‍රිතව කළ වැටලීම්වලදී හමුවී ඇති අතර, එහි තිබී ජංගම දුරකතන 17ක් සහ සිම්පත් 13ක් බුද්ධි අංශ භාරයට ගෙන ඇත.

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවී ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 8කි. මේ අතර කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්, රැඳවියන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ද එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා..

Powered by Blogger.