පසුගිය දා අත්අඩංගුවට ගත් හෙරොයින් 231kg ක සම්බන්ධ මහ මොළකරුවන් පිළිබඳව හෙළිදරව්වක්



 බේරුවල - බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 231සම්බන්දයෙන් තවත් කරුණු රැසක් අණාවරනය කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබෙනවා. එහි මහ මොළකරුවන්  ලෙස  සී - ෂෙල්ස් සහ බංග්ලාදේශ රටවල සිටින බවටයි තොරතුරු වාර්ථා වී ඇතිතේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් අදාළ රටවල් වෙත ජාත්‍යන්තර පොලීසිය හරහා දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙරට බෙදා හැරීම සඳහා ගෙන්වූ මෙම හෙරොයින් තොගයෙන් කොටසක් තවත් රටවල් කිහිපයකට යැවීමට කටයුතු කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.  බේරුවල - බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා මෙම හෙරොයින් තොගය පසුගිය බදාදා රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Powered by Blogger.