අමාත්‍ය මණ්ඩලයට යෝජනා නම් 35ක ලැයිස්තුවක් ජනපතිට - සජිත් , මංගල, රවී, සාගල, චම්පික , රාජිත ටත් අමාත්‍ය ධූර


අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් පමණක් තව සුළු මොහොතකින්  ජනාධිපති කාර්යාලයේ දී   දිවුරුම්දීමට නියමිත බව එම කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව  අමාත්‍යවරුන් 28 දෙනෙකු දියුරුම් දීමට නියමිත අතර, කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට යෝජනා කරමින් නම් 35ක ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපතිවරයාට යවා ඇතැයි දේශපාන ආරංචි පවසනවා.

නව අමාත්‍ය මණ්ඩලය යටතේ සජිත් ප්‍රේමදාස මහතාට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය ද, මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායකට මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පික රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද  හිමිවනු ඇතැයි වාර්තාවේ.

කෙසේවෙතත් මෙම ලැයිස්තුවේ ඇතුළත් ඇතැම් අයට අමාත්‍යධූර ලබා දීමට ජනාධිපතිවරයා එකග වී නොමැති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම නව ආණ්ඩුවට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. වසන්ත සේනානායක සහ සරත් ෆොන්සේකා යන මන්තී‍්‍රවරුන්ට ද අමාත්‍යධූර ලබා නොදීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

Powered by Blogger.