හොර පාරෙන් රියදුරු බලපත් අලෙවි කළ හතරක් කොටුවෙයි ප්‍රධාන සැකකරු දින කිහිපයකට පෙර මිය ගිහින්



 මෝටර් රථ පරීක්ෂක නිළධාරිවරයාගේ නිළ මුද්‍රාවද ව්‍යාජ ලෙස සකස් කොට ව්‍යාජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වැටලීමට  වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් සමති වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ එහිදී එක් රියදුරු බලපත්‍රයක් රුපියල් 15000 ත් 18000 ත් අතර මුදලකට විකුණා ඇති බවයි. එමෙන්ම ඒවා  තාවකාලික රියදුරු බලපත් වනවා.

කිලිනොච්චිය, පදවිය, ගල්ගමුව හා වවුනියාව ප්‍රදේශයන්ගේ පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ව්‍යාජ රියදුරු බලපත් සකස් කළ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා ජිවිතක්ෂයට පත්ව ඇති බවද සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.


Powered by Blogger.