කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්




කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (18) පැවැත්වීමට නියමිතයි.

ඒ, පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී තීරණය කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව හෙට පස්වරු 01.00ට යළි රැස් වන අතර, ඉකුත් පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයක්ම වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවසුවේ හෙට රැස්වීමට සහභාගී වීමට තීරණය කර ඇති බවයි.
Powered by Blogger.