තවත් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද ආණ්ඩුවේ අසුන්ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

තවත් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද ආණ්ඩුවේ අසුන්ගනී



විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද දිනයේත් ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා එජාපෙ ප්‍රධානින් ඊයේ (18) රාත්‍රීයේ ද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ජා පැවැත්වූ අතර,  දුමින්ද දිසානායක අංගජන් රාමනාදන් මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් බොහෝ විට අද දිනයේ ආණ්ඩු පක්ෂය හා එක්වනු ඇති.

කෙසේ වෙතත් අද දිනයේදී කැබිනට් අමාත්‍යධුර 18ක් හෝ 20 ක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත අතර, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් කැබිනට් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ලබා නොදෙන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ.
Powered by Blogger.