අතුරු සම්මත ගිණුමට කොන්දේසි මත සහය දක්වන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි



අද ආණ්ඩුපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන වසරේ මුල් කාර්තුව සඳහා රජයේ වියදම් ඇතුලත් අතුරු සම්මත ගිණුම සුවිශේෂිත වූ ජනතා විරෝධී යෝජනා නොතිබුණහොත් ඊට සහය දක්වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ. දේශපාලන පක්ෂ භේද අමතක කර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහය ලබා දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා වැඩිදු‍රටත් ප්‍රකාශ කළා.


කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ රජයට මින්පෙර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය ගැනීමට සිදුවූ අතර අද ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමටද සන්ධානයේ සහ ජවිපෙ සහය නොලැබුනහොත් දෙමළ සන්ධානයේ සහය ගැනීමට සිදු වනවා.

Powered by Blogger.