ඉන්දුනීසියාවේ යළිත් සුනාමි අවධානමක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඉන්දුනීසියාවේ යළිත් සුනාමි අවධානමක්



ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හමුවේ නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි බිය පළවී ඇති බව එරට කළමනාකරණ බලධාරීන් වාර්තා කරනවා.

 මේ හේතුවෙන් ඉන්දුනීසියා වෙරළබඩ ජනතාවට වෙරළින් ඈත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී ඇති බවයි එම අංශ වැඩිදුරටත් වාර්තා කළේ,

ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළබඩ නගරවලට කඩාවැදුණු සුනාමි රළ හමුවේ පුද්ගලයන් 222 කු මියගොස් 843 කු තුවාල සිදුවුණා.

 ඉකුත් සිකුරාදා අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මුහුදු පතුලේ ඇතිවූ නායයාම් මෙම හදිසි සුනාමි තත්ත්වයට හේතුවී ඇති බවයි පරීක්ෂණ වලදී අණාවරනය වුණේ.

ඊයේ ද අනාක් ක්‍රැකටෝ ගිනිකන්දෙන් අළු සහ දුමාරය ඉහළ අහසට විදිනු දර්ශන ලොව පුරා සමාජ ජාල මාධ්‍යන් හී ප්‍රචාරණය වුණා.


Powered by Blogger.