රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් යළි ඉරිදා දිවුරුම් දෙයි



නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා බන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ පවසනවා.

රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කියාසිටියේ එළඹෙන ඉරිදා උදෑසන 10 ට ජනාධිපතිවරයා ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.


මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම කතානායක කරූ ජයසූරිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මන්ත්‍රීවරුන් අතර රහස් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටියේ.
Powered by Blogger.