පීඩාවට පත්ව ඇති ප්‍රදේශ නිරීක්ෂණයට අගමැති අද උතුරට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

පීඩාවට පත්ව ඇති ප්‍රදේශ නිරීක්ෂණයට අගමැති අද උතුරට



 පවුල් 37,000ක් පමණ පීඩාවට පත්ව ඇති  උතුරේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  සිදුවු හානී පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) කිළිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතව තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් උතුරේ ජල ගැලීම්වලින් සිදුවූ හානී සහ ඒවාට යෙදිය යුතු පිළියම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(27) කොළඹ දී පැවැත්වුණි.


මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පස්වරුව වන විට උතුරු පළාතේ පවුල් 37,000ක් පමණ පීඩාවට පත්ව  ඇති අතර, ආරක්ෂිත ස්ථාන 32ක පවුල් 3000කට වැඩි සංඛ්‍යාවක් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.
Powered by Blogger.