මහින්ද රාජපක්ෂ තෙල් මිල අඩු කර ඇත්තේ මට පිංසිදුවෙන්නටයි… මම හිටියනම් තව අඩුකරනවා…



මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමති විසින් ඉන්ධන මිල අඩු කර ඇත්තේ තමන් හදුන්වා දුන් මිල සුත‍්‍රයට පින් සිදු වෙන්න බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
ලෝක වෙලදපලේ අද බොරතෙල් මිල අනුව තව දුරටත් ඉන්ධන මිල අඩු කල හැකි යයිද ඔහු කියා සිටී.
ඔහු මේ බව සදහන් කලේ එජාපය විසින් පවත්වන ‘යුක්තියේ හඬ’ රථ පෙලපාලිය මාතරදී අමතමිනි.
කෙසේ වෙතත් සමරවීර මහතා මුදල් ඇමති ධුරය දරද්දී කියා සිටියේ එලැඹෙන පෙබරවාරි මාසය තෙක් ඉන්ධන මිල අඩු කිරීම සලකා බැලීමටවත් නොහැකි බවයි

Powered by Blogger.