අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ධුරය යළි භාර ගැනීමට සූදානම්!




පවතින වාතාවරණය තුළ මහබැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ජනපති හෝ අගමැති ආරාධනාවක් සිදු කළහොත් ඒ සඳහා තමන්  සූදානම් බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (11)  යුක්තියට හඬක් සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

රට වහා ස්ථාවර නොවුණොත් දැවැන්ත ආර්ථික අර්බුදයක් පැමිණේන බවත් වසර 09 ක තමන්ට තිබේන අත්දැකීම් අනුව මේ බව පවසන බවද එහිදී ඔහු පවසා ඇත.

එසේම තමන්ට මහ බැංකු අධිපති ධූරය සඳහා පත්කිරීමට ඇති පූර්ව සුදුසුකම් කිහිපයක්ද ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

කබ්රාල්ට දෙන්න මහින්ද කැමතියි !

මේ සම්බන්ධව අදහස් දැක්වූ පොදුජන පෙරමුණ ආරංචිමාර්ග ද සඳහන් කර සිටියේ මේ වන විට අභියාචනාධිකරණ අතුරු තහනමක් හමුවේ වාරණයවී ඇති නමුත් මුදල් අමාත්‍යංශය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂට බැවින් මහ බැංකුවේ අධිපති ධූරය ඔහුට කැමති සහ විශ්වාසවන්ත අයෙකු පත්කර ගැනීම අනිවාර්යයක් වන බවය. එබැවින් කබ්රාල් මහතාට එම ධූරය ලබාදීමට දැනටමත් තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Powered by Blogger.