ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යාවක් හදිසියේ මත්තලට ගොඩ බස්සවයි


ලොව දෙවන  විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යාවක් වන  ඇන්ටනොවූ 124 දරන ගුවන් යානය හදිසියේ මත්තල ජාත්‍යන්තර  ගුවන්තොටුපොළ වෙත  ගොඩබස්සවා තිබෙනවා. ඒ කාර්මික දෝෂයක් හේතුවෙන්.

තායිලන්තයේ සිට උගන්ඩාව දක්වා පියාසර කරන අතර තුර මෙම ගුවන් යානය ඊයේ (13) අලුයම 5.26 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල ගොඩ බස්වා ඇති අතර, පසුව කාර්මික දෝෂය සකසා ගැනීමෙන් පසු  අද (14) දිනයේ නැවත උගන්ඩාව දක්වා පියාසර කර ඇත.
Powered by Blogger.