උපාලි කන්නංගර මහතා අද අලුයම අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා.

දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව දෙල්ගහ මුදුනේ සහ ඉවසිල්ලක් නැහැ දකින තුරා යන ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කර තිබෙනවා.

ඒ පිළිබඳව ගායන ශීල්පී කීර්ති පැස්කුවෙල් මහතා සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.
දයාබර හිතවතුනි...උපාලි අපෙන් සමුගත්තා...
දින හතරක් තිස්සේ කල ඉතා දුක්බර සටනින් පසුව මරැවා මීට මොහොතකට පෙර ජයගත්තා...
මෙතරම් හොඳ මිනිසුන් මේ ලොකෙන් මෙතරම් ඉක්මනින් පිටමං කරන්න දෛවය මෙතරම කුරිරැ වෙන්නෙ කොහොමද...
උපාලි....ඔබ ගැන මෙවැනි සටහනක් ලියන්නට සිදුවීම කොයි තරම් අභාග්‍යයක්ද...
අනේ ගොඩක් දුකයි උපාලි....
හිතවතුනි..
උපාලිගෙ අවසන් කටයුතු පසුව දැනුම් දෙන්නම්.
කීර්ති.
අපේ ආදරණීය මිත්‍රයාට නිවන් සුව අතවේවා.

Powered by Blogger.