ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද විශ්‍රාම යයි



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කර තිබේ.

අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අසුන් ගනු ලැබුණු අතර, විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනයක් කරමින් සඳහන් කර ඇත්තේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ගනු ලබන බවත් මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවත්ය.
Powered by Blogger.