පාර්ලිමේන්තුවේ හෙට ආසන පැනවීමේ වෙනසක්



 නව රජයේ කැබිනට් මණ්ඩලය මේ වනතෙක් දිවුරුම් දී නොතිබීම හේතුවෙන්  හෙට පාර්ලිමේන්තුවේ  ආසන පැනවීමේ වෙනසක් සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිත අතර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදු කරනු ඇති. එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත හෙට දිනයේ ආසන පැනවීම සිදු කිරීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

විපක්ෂ නායක අසුන ලබා දෙන්නේ කාටදැයි මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර, කථානායකවරයාගේ තීන්දුව ලැබීමෙන් පසු විපක්ෂ නායක අසුන අදාළ පුද්ගලයාට වෙන් කරන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි. හෙට දිනයේ ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ ගැලරිය වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
Powered by Blogger.