ලොක්කෙකුගේ අත පෙවීමෙන් පාසල් බැඩ්මින්ටන් තරඟාවලියක් විනාශ කරයි - අත්සන රහිත සහතික පත් ජයග්‍රාහකයින් වෙත ලබා දීලා




කුරුණෑගලදී පසුගිය දා නිමාවට පත් වූ අවුරුදු 11 පහළ සමස්ථ ලංකා යුගල පාසල් බැඩ්බින්ටන් තරඟාවලිය  මීට පෙර මෙන්ම මෙවරද අදූරදර්ශී ක්‍රියාදාමයක් තුලින් පාසල් දරුවන්ට අමිහිරි අත් දැකීමක් එක් කර දී තිබෙනවා.

එනම් බෝයගන යුධ හමුදා සහ කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාංගන මූලික කරගෙන පැවති තරඟාවලියේදී කාණ්ඩ සඳහා වෙන් කර තිබූ පාසල් සඳහා දෙයාකාරයකින් සළකා තිබූ අතර පාසල් බැඩ්මින්ටන් තරඟාවලියේ ප්‍රධාන නිළයක් උසුළනු ලබන අයෙක් පුහුණුව ලබා දෙන ප්‍රධාන පාසල් දෙකක් කිසිදු අපහසුවකින් තොරව අවසාන මහා තරඟයට යාමට අවස්ථාව ලබා දීම සැමගේම දැඩි කුතුහළයට මෙන්ම කතාබහට ලක් වුණා.

තරඟයට අදාල වයස් සීමාව ඉක්මවූ ක්‍රීඩකයින්ට වෙනම නීතියක්ද අදාල වයස් මට්ටම සපුරා නොමැති තරඟකරුවන් සඳහා වෙනම නීතියක් ද ක්‍රියාත්මක කිරීමට පෙළඹී තිබෙන්නට ඇත්තේ ඔවුන්ගේ වාසියට බව පැමිණ සිටි බොහෝ දෙනකුගේ මතය වී තිබුණා.

මේ අතරම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පිරිනමන කුසලාන සඳහා ද අමුතුම ආකාරයේ ක්‍රියා පරිපාටියක් ඔවුන් හඳුන්වා දී ඒ අනුව ක්‍රියා කර තිබෙනවා.

එහිදී "ඒ",  "සී",  "ඩී" හා "ඊ" කාණ්ඩ යටතේ තරඟ වැදී ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රන් කුසලානත්  බී කාණ්ඩය යටතේ තරඟ වැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත රිදී කුසලානත් ලබා දීම පෙර පරිදිම මහත් කතාබහට ලක් වී තිබුණා.

තවද සහතිකපත් ප්‍රධානයේදී පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාගේ අත්සන රහිත සහතික පත් ජයග්‍රාහකයින් වෙත ලබා දීමට කටයුතු  කිරීම සංවිධායකවරුන්ගේ කෙරුවාව සමාජය හමුවේ ගෙනගැර දැක්වීමක් වෙනවා.

කෙසේ වෙතත් කිසිවක් හරියාකාරව නොතේරෙන කුඩා දරුවන් සඳහා පාසල් සංගමයක් මෙසේ වගකීම් විරහිතව ක්‍රියා කිරීම පිළිගත නොහැකි අතර මෙවන් ක්‍රියා සිදුවීම තුලින් දක්ෂයින්ගේ මළගම සිදුවන අතර  ඒ සමඟම බැඩ්මින්ටන් ක්‍රීඩාවද පරිහාණියට පත් වීම වැළැක්විය නොහැකි වෙනවා.
Powered by Blogger.