නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුවෙන්නේ මෙහෙමයි


රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම්දීමෙන් අනතුරුව  නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම  අද දිනයේදී සිදුවනු  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙවර අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටද නව අමාත්‍ය ධූර ලැබීමට නියමිතයි.

දේශපාලන ආරංචිමාර්ග වලට අනුව දුමින්ද දිසානායක, අංගජන් රාමනාදන්, වීරකුමාර දිසානායක, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න, ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි යන මන්ත්‍රී වරුන්ට මෙවර අමාත්‍ය ධූර හිමිවනු ඇති බවටයි වාර්ථා වෙන්නේ.


එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරනු ඇති.
Powered by Blogger.