ඊයේ රාත්රීයේ ගවයින් 27ක් අවාසනාවන්ත ලෙස උත්තර දේවි දුම්රියට බිළිවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ ඊයේ (31) රාත්රියේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රියේ ගව රැළක් ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.
කිලිනොච්චිය, මුරුගණ්ඩි ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් ගවයන් 27 ක් මරුණුවට පත්ව තිබෙනබවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම මේ දිනවල කිලිනොච්චියට බලපෑ ගංවතුර හේතුවෙන් බොහෝ සතුන් එම ප්රදේශ වල මාර්ග සහ දුම්රිය මාර්ගයන්හි රැඳී සිටින බවයි ප්රදේශවාසීන් පවසන්නේ. මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ එලෙස දුම්රිය මාර්ගයේ රැඳී සිටි ගව රැළක්.
Leave a Comment