A/L O/L විභාග වලට ලකුණු 10ක් නිකම්ම ලැබෙන නව ක්‍රමයක් ගැන කැබිනටුටුවට යෝජනාවක්


ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාග සඳහා දහම් පාසල් සහතිකය මගින් ලකුණු හිමි වන පරිදි  කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකර ඇති බවත්  ඒ අනුව ඉහත විභාගයන් සඳහා ලකුණු 10 බැගින් ප‍්‍රදානය කරන බවත් සඳහන් කළා

තවද ඉරිදා  සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා ද මුස්ලිම් සහ හින්දු ආගමික අමාත්‍යවරුන්  එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඉරිදා දිනවල පස්වරු දෙක දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට  මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
Powered by Blogger.