අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන ඇප මත මුදා හරී - ඇපකරුවන්ට විශේෂ කොන්දේසියක්



අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද නියෝග කළා. ඒ රුපියල් මිලියනය බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන 2ක බැගින් වූ ශරීර ඇප හතරක් මතයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියේ ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කරන ලෙසයි.

එමෙන්ම සතියේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද ඇපකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවට වන කොන්දේසියක් ද පනවා තිබෙනවා.

Powered by Blogger.