උතුරේ නව ආණ්ඩුකාරවරයා සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු වෙනස් කරයි



උතුරු පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී ඊයේ දිනයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් කියා සිටියේ උතුරු පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල සියලූම නාම පුවරු දෙමළ බසින් හා සිංහල බසින් ඉදිරයේ දී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ප‍්‍රදේශයේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය ආයතන වල ප‍්‍රධානීන්ගේ ආශිර්වාද ලබා ගනිමින් ආණ්ඩුකාරතුමන් තම ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළ අතර, එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

‘නීතිය නැති තැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත. සිංහල දමිළ අපි සියලූ දෙනා එකතුවී වැඩ කල යුතුයි. එළඹෙන අපේ‍්‍රල් මාසයට පෙර උතුරු පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු, දැන්වීම් පුවරු සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම තිබිය යුතුය. දකුණින් උතුරට පැමිණෙන ජනතාව වෙනුවෙන් සහ උතුරේ ජීවත්වන දමිළ ජනතාව වෙනුවෙන් මෙම භාෂා දෙකෙන්ම දැන්වීම් පුවරු හා නාම පුවරු ප‍්‍රදර්ශනය කිරීම ඉතා වැදගත්'

කේන්ද්‍රය ශක්තිමත් කර පරිධියේ සිටින ජනතාව ගැන සොයා නොබැලීම අහිංසක ජනතාවගේ අයිතිය උදුරා ගැනීමක් බව පැවසූ ආණ්ඩුකාරතුමා ඉදිරියේදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සිදු කිරීමට සහයෝගය ලබාදෙන ලෙසද ප‍්‍රකාශ කළා.
Powered by Blogger.