සුරූපී කාන්තා මළසිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ



දින කිහිපයක් පරණ කාන්තා මළසිරුරක් අද (04) උදැසන කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී  ගොඩ ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.  ප්‍රදේශවාසින් විසින් දැක ඒ බව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් බෝට්ටුවක් ආධාරයෙන් සිරුර ගොඩ ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මල සිරුර හදුනාගත නොහැකි ආකාරයට නරක් වි තිබෙන බවයි පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.


Powered by Blogger.