රනිල්ට හීලෑවුනු ජවිපේ රතු අලි පැටියා මෙන්න



ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හොල් සේල් කඩේ යමින් දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වී තිබෙනවා. ආණ්ඩුව විවේචනය පසකලා රනිල් වික්‍රමසිංහට අවශ්‍ය පනත් සම්මත කර ගැනීමට අනෙකුත් පක්ෂ සාමාජිකයන් උසි ගැන්වීම මෙන්ම රනිල් වික්‍රමසිංහ විරෝධී බලවේග අඩපන කිරීම සඳහා ඔහු මේ දිනවල ඉටු කරන කාර්ය භාරය සුළු පටු නොවේ.

ආණ්ඩුව ගෙන එන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට එරෙහි වන සියළු බලවේග වලට මැදිහත් වීම සිදු කරන්නෙත්  බිමල් රත්නායක විසින්.

1965 වසරේ මැයි මාසයේ  රෝහණ විජේවීර තැනූ ජනතා විමුක්ති පෙරමුණේ දැන් සත්‍ය වශයෙන්ම විප්ලවාදීන් සිටිනවාද යන්න ගැටළුවක්.  සමාජ, ආර්ථික, දේශපාලන, වෙනසක් කිරීමේ අරමුණින් මෙම පක්ෂය ආරම්භ කලද වර්ථමානයේ මේ සැබෑ  වමේ ව්‍යාපාරය අමු අමුවේ ධනවාදී පක්‍ෂවලට සේවය කරන කිහිලිකරුවක් බවට පත් වී හමාරයි.

නිළතල වරප්‍රසාද වලට යට වී අලියාගේ බෙල්ලේ සීනුව ගැට ගැසෙමින් බිමල් රත්නායක මේ ගෙනයන ක්‍රියා පිළිවෙතේ අවසානය ජවිපේ නැවත වරක් බෙදී වෙන් වීම විය හැකියි.
Powered by Blogger.