අළුත් පියාපත් වෙත උණු උණුවේ ඩොලර් එන හැටි !



මෙරට මාධ්‍ය ආයතන වෙත ගොස් නිහඬ විරෝධතාවයක් යැයි පවසා ඔවුන්ගේ අදහස් පිළිනොගන්නා ආයතන නියෝජිතයන් වෙත  ඇඟිළි දිගු කරමින් බැණ වදින කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.කළු ඇඳුමින් සැරසී කොල්ලකරුවන් සේ මුහුණු ආවරණ සහිතව ඔවුන් පැමිණි නිසා සැබවින්ම ඔවුන් කවුරුන්ද  යන්න අනාවරණය කිරීමට පවා අපහසු වී ඇති බව වාර්තා වුණා.

 2015 මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කිරීමට පූර්ණ සහයෝගය ලබාදුන් "අළුත් පරපුර" නම් වූ නාමයෙන් කල්ලි ගැසී සිටි සමනලී ෆොන්සේකා ඇතුළු පිරිස "අළුත් පරපුර" නැමැති නම ඉවත් කර නව අරමුණක් ඔස්සේ යාමට ජනතා අවධානය  අවශ්‍ය බව දැන  අළුත් පරපුරේ සිටි පිරිස නව වටයකින් ඒකරාශී කරගනිමින් "අළුත් පියාපත්" නම් සංවිධානය බිහිකරගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

මොවුන්ගේ මූලික අරමුණ ලංකාවේ  ස්වාධීනව පුවත් ඉදිරිපත් කරන මාධ්‍ය ආයතන වෙත පහර ගසා එම ආයතන වලට ජනතා මනසේ හිමි තැන ලබා ගැනීමයි.එතැන් සිට ඔවුන්ගේ දෙවන මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ආරම්භ වෙනවා. එනම් ඇමරිකානු තානාපති කාර්‍යාලයට අවශ්‍ය පරිදි ලංකාවේ මාධ්‍ය හැසිරවීමට පටන් ගැනීමයි. මොවුන් කිසිදු බියක් නොමැතිව මෙවන් ක්‍රියා කිරීමට අත ගසා තිබෙන්නේ මෙහි ප්‍රධානියා නොහොත් මහ මොළකරු ලෙස ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඔවුන් පසුපස සිටීමයි. රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරගනිමින් බැඳුමකර වංචාව යට ගසමින් "අළුත් පියාපත්"නැමැති කණ්ඩායම සිදු කරන්නේ ලංකාවේ ස්වාධීන මාධ්‍ය ආයතන ඇමරිකානු මුදල් මගින් පීඩනයට පත් කිරීමයි. මොවුන් මෙහිදී ඒ වෙනුවෙන් විශේෂ තුරුම්පු ලෙස වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට දෙකක තුනක රඟපෑ කළාකරුවන් යැයි කියාගන්නා පිරිස් යොදාගන්නවා. එම කළාකරුවන් වෙත ඔවුන් කියා සිටින්නේ තම සංවිධානයේ පරම පිවිතුරු අරමුණ නිදහස් මාධ්‍යක් බිහිකිරීම පමණක් බවයි.නමුත් ඔවුන් පසුපස සිටිමින් ඔවුන් මෙහෙයවන ඇමරිකානු ඩොලර් පිළිබඳ එම  කළාකරුවන් යැයි කියාගන්නා පිරිස නොදැනුවත්ය.

මංගල සමරවීර මේ මොහොතේ පවා සිටින්නේ වොෂින්ටන් වෙත ගොස් මේ පිළිබඳ සාකච්ඡා කරමින් ය. එනම් නව ෆෙඩ්‍රල් ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට පිඹුරුපත් සකසමින් ය.ලංකාව කුඩා කුඩා කොටස් ගණනාවකට කැඩී විසිරී සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදී මරාගන්නා ඉසව්ව තෙක් යොමුකරවීම තුළින් ඇමරිකානුවන්ට ලංකාව පාලනය කිරීමට පහසුව සැලසෙයි. මේ බව හොඳින්ම දන්නා අළුත් පියාපත් කල්ලිය බැඳුම්කර වංචාව ආදී රටට විශාල හානියක් සිදු කළ ක්‍රියාදාමයන් ගැන නොසලකා ඒවා ගැන වචනයකුදු කතා නොකර , ඇමරිකානු ඩොලර් රස විඳිමින් ලාංකීය ජනයා මුලා කරන මෙහෙයුම  සිදු කරමින් සිටිනවා. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක වුවහොත් ලංකාවේ ජනතාව වෙත නිවැරදි තොරතුරු ගෙන ඒමට පවා ඇමරිකානු අවසරය පැතීමට සිදුවනවා ඇත.
එමෙන්ම සෑම පළාතකටම වෙනම පොලිසියක් සහ එම පළාතේ පොලිස් ප්‍රධානියා පත් කිරීමේ  අයිතිය මහ ඇමතිවරයා හට ලබා දීමටද යෝජිත බව වාර්තා වෙනවා.
මෙසේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියාගන්නා  "අළුත් පියාපත්" වෙත ඩොලර් සපයන්නා ලෙස පාක්‍යසෝති සරවණමුත්තු ක්‍රියාකර ඇති බව අනාවරණය වී තිබෙනවා



Powered by Blogger.