කළුතර හෝටලයක හිමිකරුවෙකුට වෙඩි තබයි



කළුතර - උතුර තොටුපළ මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් හෝටලයක හිමිකරුවෙකු  තුවාල ලබා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිය බිරිඳ සමග වෙළඳසැලට එමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබෙනවා.  ඔවුන් හදුනාගෙන ඇති බවත් සැකකරුවන් සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මක බවත් පොලිසිය ප‍්‍රකාශ කළා. පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඊයේ රාත්‍රී 10.35ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කළුතර - උතුර ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.
Powered by Blogger.