බිරිඳගේ අනියම් පෙම හසු වී මහපාරේම ඇයව මරාදැමූ සැමියා, ලේ ගලන සිරුර එතන තිබියදීම පොලිසියට බාර වෙයි


අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සේවයේ නීයුතු හෙදියක සැමියා විසින්  පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් රාගමින් වාර්තා වෙනවා.

 කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක සේවය කරන මෙම හෙදිය එම රෝහලේ පෞද්ගලික වෛද්‍ය සේවයේ නියුතු මහාචාර්යවරයකු සමග කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර,
සැකකාර සැමියාටද ඒ ගැන සැලවී  වීමෙන් අනතුරුව මෙම අනියම් සම්බන්ධතාවය නවතා දමන ලෙස අවස්ථා ගණනාවකදීම බිරියට අවවාද කර තිබෙනවා.

එහෙත් ඇය සැමියාගේ අවවාද නොතකා මෙම අනියම් සම්බන්ධතාවය දිගටම හොර රහසේ පවත්වාගෙන ගොස් ඇති අතර සැමියාට පවසා ඇත්තේ එය දැන් නවතා ඇති බවයි.


මේ අතරවාරයේ සිය බිරිය මහාචාර්යවරයා සමග ලැගුම්හලක ගත කරන බවට සැමියාට කිසිවකු දුරකථන ඇමතුමක් මගින් ඔත්තු සපයා ඇති නමුත් ඔහු එම අවස්තාවේ සිටි දුර අනුව අතටම අල්ලාගැනීමට හැකියාවක් තිබී නැත.
කෙසේ වෙතත් සිද්ධිය සැලවීමෙන් පසු මේ දක්වා බිරිය තමන් නොමග යැවූ බව සැමියාට තේරුම්යාමෛන් පසු කෝපයට පත්වූ සැමියා බිරීය එදින සවස නිවසට පැමිණි අවස්ථාවේ මේ ගැන විමසා ඇතැයි පැවසේ. මේ අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී පසුව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදුවී ඇත.

ඇයව නිවස අසළ පාරේදී මරාදැමූ සැමියා මිය ගිය ලේ ගලන දේහය එතැන තිබියදී ම  පසුගිය 23 සවස  පොලීසියට පැමිණ බාරවී තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ සැකකරු පෞද්ගලික රක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියකු බවයි.

මෙලෙස ඝාතනයවී ඇත්තේ රාගම පොලිස් වසමට අයත් ගම්මුල්ල පාරේ පදිංචිව සිටි ලේල්වල ගමගේ චන්ද්‍රිකා වසන්ති  නමැති 35 හැවරිදි දෙදරු මවක්.

අත්අඩංගුවට පත්වූ සැමියා අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Powered by Blogger.