ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හතුරුගේ තටු කපයි



ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනි තීරණ මත ක‍්‍රීඩකයින් තෝරා  ගැනීම හේතුවෙන් ඔහුගේ බලතල අඩු කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු  කියා සිටියේ  තේරීම් කමිටු සාමාජිකයින් සියලූදෙනාගේ ඒකමතික තීරණයන්ට අනුව පමණක් ක‍්‍රීඩකයින් තෝරා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ඔහුට  සිය තනි තීරණ මත ක‍්‍රීඩකයින් තෝරාගත් බවට ඉකුත්දා චෝදනා එල්ල වුණා.

සෙසු තේරීම් කමිටු සාමාජිකයින්ගේ තීරණයන්ට ඔහු විසින් කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බවටයි එහිදී වාර්තා වුණේ.
Powered by Blogger.