අනියම් සැමියා සමග එකතුවී මවක් තම දියණිය ඝාතනය කර වළ දමයි



හාලිඇල - කන්දෙගෙදර - මහතැන්න ප්‍රදේශයේ මව සහ ඇයගේ අනියම් සැමියා විසින් නව හැවිරිදි දැරියක් ඝාතනය කර වළ දමා ඇති පුවතක් වාර්ථා වෙනවා.
 නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර වළ දමා ඇති බවට  පොලීසියට ලද තොරතුරක් මත  මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි කාන්තාව සහ 31 හැවිරිදි පුද්ගලයා විවාහ නොවී අඹු සැමියන් ලෙස වාසය කර ඇති අතර, ඝාතනය කර ඇති බවට සැක කෙරෙන දියණිය මෙම කාන්තාවගේ පෙර විවාහයේ දරුවා බවටයි අණාවරනය වන්නේ.

දැරියගේ මළ සිරුර අද (07) ගොඩගැනීමට නියමිත අතර, අවුරුදු 9 ක් වයසැති දියණිය සිය මව සමඟ සැකකාර පුද්ගලයාගේ කන්දෙගෙදර පිහිටි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය ජනවාරි මස දිනකදී ඝාතනය කොට වළදමා ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

Powered by Blogger.