නීතිරීති කඩකරමින් ගිය කැබ්ථයක රියැදුරකුගේ බිරිඳ පොලිස් නිලධාරියකුගේ උරහිස සපාකාලා


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් නිලධාරියකුගේ උරහිස සපාකා තුවාල සිදුකර පලායෑමට තැත් කළ කැබ්ථයක රියැදුරකු සහ ඔහුගේ බිරිඳ 29 වැනිදා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය විසින් උරහිස සපා කෑමෙන් තුවාල සිදුවූ මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් සඳරුවන් යන අය මේ වන විට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය.
මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන සඳරුවන් හා විජේරත්න යන නිලධාරීන් දෙදෙනා මොනරාගල - වැල්ලවාය මාර්ගයේ ජයසෙන්ගම ඉදිරිපිට රථවාහන සෝදිසි කිරීමේ රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.

පස්වරු 5.45 ට පමණ මොනරාගල දෙසින් පැමිණි කැබ්ථයකට නතර කරන ලෙස සංඥාවක් දී ඇතත් නතර නොකොට ඉදිරියට වී ඇති අතර, ඒ පසුපස රාජකාරී යතුරුපැදියෙන් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගය හරස් කොට කැබ් රථය නතරකර තිබෙනවා.

අනතුරුව මාර්ග නීතිරීති කඩකරමින් කැබ් රථය ධාවනය කළ බව පොලිස් නිලධාරීන් රියැදුරුට දැනුම් දී දඩ කොළයක් නිකුත් කරන බව පවසා සිටියදී රියැදුරු රිය පණගන්වා ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී එක් පොලිස් නිලධාරියකු කැබ්ථයට ගොඩ වී තිබෙනවා.

ඒ අවස්ථාවේදීයී එහි සිටි රියෑදුරුගේ බිරිඳ පොලිස් නිලධාරියාගේ උරහිස සපා කා ඇත්තේ. පසුව පොලිස් නිලධාරීන් කැබ්ථයත් එහි රියැදුරුත් බිරිඳත් කැබ්ථයේ සිටි ළමයින් තිදෙනකුත් අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
Powered by Blogger.