ජනප්‍රිය රංගන ශිල්පි රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි


බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය   අද(28) අළුයම  හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරෙන් ඔහුට සුළු තුවාල සිදු වී ඇති  අතර, රථයට දැඩි අලාබානී සිදු වී තිබෙනවා. මේ වන විට ඔහු  හොරණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

යසස්  මහතා  අද අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි සිය මෝටර් රථයෙන් කරමින් සිටියදි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි මෙම අනතුරු සිදුව ඇත්තේ.

Powered by Blogger.