පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සිටි 15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන මිය ගිහින්



 හබරණ, සුරියගම ප්‍රදේශයේ පදිංචි  15 හැවිරිදි දැරියක් ඉගණුම ලබන පාසලේම ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.

එම සිසුවිය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සහතික ලත් පාසලක ඉගණුම ලබමින් සිට ඇති අතර, ඊයේ පෙරවරුවේයී එහි පාලනාධිකාරිය විසින් ඇයව සොයාගෙන ඇත්තේ.

 අධිකරණ නියෝගයක් හේතුවෙන් ඇය මෙම පාසලට යොමුකර තිබෙනවා.  සහෝදර සිසුවියක් මියගිය දැරියගේ මළසිරුර ප‍්‍රථමයෙන් දැක එහි විදුහල්පතිනිය දැනුවත් කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

 පාලනාධිකාරිය විසින් දඹුල්ල මුලික රෝහලට දැරිය ඇතුළත් කිරීමට ඊයේ පෙරවරු 10.00 ට පමණ රැගෙන එන විටත් ඇය මියගොස් ඇති අතර,  පාසලේ ඉගෙනුම ලබන තවත් සිසුවියන්ගේ ලිංගික පීඩනයන් දරාගත නොහැකිව ඇය දිවි නසාගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාරවරණය වී ඇත්තේ.

No comments

Powered by Blogger.