16 හැවිරිදි අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී රත්තරං පොලීසිය අත්අඩංගුවට


16 හැවිරිදි අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා අද (28) පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් අක්මීමන පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 26 වනදා 16 හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ ඇති බවයි.
අපයෝජනයට ලක් වූ දැරිය සිය මව්පියන් සමග ඉකුත් 22 වැනිදා මෙම සැකකරුගේ දේවාලයට ගොස් ඇත්තේ ආබාධිත තත්ත්වයේ පසුවන සිය නැගනියට සුවය පතා ශාන්තිකර්මයක් සිදුකර ගැනීම සඳහායි. 
එම අවස්ථාවේ සැකකරු ප‍්‍රකාශ කර ඇත්තේ ඊට පසු දින උදෑසන දේවාලය වෙත පැමිණෙන ලෙසයි. 
එලෙස පැමිණි අවස්ථාවේදී අපයෝජනයට ලක්වූ දැරියගේ ශරීරයට විෂ ද්‍රව්‍යක් ඇතුළු වී ඇති බව සැකකරු පවසා තිබෙනවා. එය ඉවත් කිරීමට යැයි පවසමින් දේවාලය තුළට ගෙන ගොස් සැකකරු තමන් අපයෝජනයට ලක්කර ඇති බවයි එම දැරිය සිය මව වෙත පසුව පවසා ඇත්තේ. 
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණු අතර කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත දැරිය යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇතැයි සඳහන්.

No comments

Powered by Blogger.