ගල්කිස්සේ ගණිකා නිවාස 2ක් වටලයි කාන්තාවන් 5 දෙනෙක් අත්අඩංගුවට


 සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාස 2ක් වටලා කාන්තාවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 දුම්රිය පොළ පාර, ගල්කිස්ස යන ලිපිනයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගොස් ඇති එක් ගණිකා නිවාසයක් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කර ඇති අතර, එහිදී ගණිකා නිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටිමේ අදහසින් රැඳී සිටි සැකකාරියන් 2ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 39,31 හා 28 යන වියේ පසුවනවා. එමෙන්ම ඔවුන් මොනරාගල, හෝකන්දර හා පානදුර යන් ප්‍රදේශවල පදිංචිකාරියන්.

මේ අතර, ඊයේ දිනයේම සවස 6.20ට පමණ අංක 17, විද්‍යාල මාවත, ගල්කිස්ස යන ලිපිනයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පැවැත් වු තවත් ගණිකා නිවාසයක් සෝදිසි වරෙන්තුවක් මත වටලා තිබෙනවා.

එහිදීද ගණිකා නිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් කාන්තාවක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටිමේ අදහසින් රැඳීසිටි සැකකාරියන් 2 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 39 30 යන වයස්වල පසුවන රාගම,පල්ලෙබැද්ද හා දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

No comments

Powered by Blogger.