හපුතලේ ලැගුම් හලක බාබකිව් උදුනේ වහනයවූ විෂ දුමකින් ලැගුම් හල් හිමිකරු මියයයි තවත් 2නෙකුට බරපතලයි



හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක බාබකිව් උදුනින් වහනය වූ විෂ දුමක් හේතුවෙන් එහි හිමිකරු මියගොස්  ඔහුගේ පනස් හැවිරිදි බිරිඳ සහ හතළිස් හැවිරිදි අවන්හල් සේවිකාව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයන් ලැගුම් ගන්නා හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ මෙම ලැගුම්හලක ඊයේ නතරවී සිටි සංචාරක පිරිසකට පෙරේදා (09දා) රාත‍්‍රී බාබකිව් පිළියෙළ කරදී  එම බාබකිව් උදුන නිදන කාමරයේ තබා නිදාගෙන සිටියදීයී මෙම අනතුරට මූහුණ පා ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය තංගමලේ ප‍්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, මෙම මරණයට හේතුව වැඩිදුර විමර්ශණය කිරීම සඳහා බණ්ඩාරවෙල පොලිස කටයුතු යොදා තිබෙනවා.
Powered by Blogger.