සජිත් ප්‍රේමදාසට මඩ ගහන්න රවී මාසෙට රු. ලක්ෂ 20ක් සිවිල් සංවිධානයක සභාපති වරයෙකුට දීලා



එජාපයේ අනාගත නායකයා වශයෙන් පාක්ෂිකයින්ගේ කැමැත්ත දිනා සිටින සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් මසකට රුපියල් ලක්ෂ 20ක මුදලක්  සිවිල් සංවිධානයක සභාපති වරයෙකුට ලබා දී තිබෙනවා.

 බැදුම්කර වංචාවේ ලාභයෙන් මෙම මුදල ලබා දී  ඇති අතර,  "පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ'"  සභාපතිවරයා වන රංජිත් විතානගේ නමැති අයෙකුට මෙම මුදල ලබා දී ඇති බවටයි වාර්ථා වෙන්නේ.

ඒ අනුව මෙම සිවිල් සංවිධානය විසින් සජිත් ප්‍රේමදාස මහතා විසින් දුප්පත් ජනතාව වෙත ලබාදෙන නිවාස ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් පිලිබදව අසත්‍ය තොරතුරු මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඔහුන් එහි දක්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ අනවශ්‍ය ප්‍රචාරණ වියදම් නිසා සිමෙන්ති මිල ඉහළ යන බවයි.

තම වැරදි යටගසා වෙනත් පාර්ශව වෙත යොමු කිරීම සදහා  රවී කරුණානායක මහතා මේ වන විට මාධ්‍ය සාකච්ජා පවත්වමින් සිටියි.

පාක්ෂිකයින්ගේ කැමැත්ත දිනා සිටින සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම හරහා කෙසේ හෝ එජාපයේ අනාගත නායකයා බවට පත්වීම රවී කරුණානායක අමාත්‍යවරයාගේ අරමුණ වී ඇත.

No comments

Powered by Blogger.