මාකඳුරේ මධුෂ් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තවත් ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් 25 ක් ඩුබාහීදී අත්අඩංගුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මාකඳුරේ මධුෂ් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තවත් ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් 25 ක් ඩුබාහීදී අත්අඩංගුවට


අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු 25 දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අතර  කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති මාර්ග සඳහන් කළේ.

 ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ද සිටින බව සඳහන්.

අත්අත්අඩංගුවට ගත් අනෙක් පිරිස ද හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
Powered by Blogger.