ඇතුන් 400ක් මැරූ ඇත්දළ රැජිනට වසර 15ක සිර දඬුවමක්



විශාලතම ඇත්දළ ජාවාරම් ජාලය මෙහෙයවූ ඇත්දළ රැජින ලෙස විරුධාවලිය ලබා සිටි යැන්ග් ෆෙන්ග්ලන් නමැති චීන ජාතික කාන්තාවක ටැන්සානියාවේදී වසර 15ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

ඇයගේ මෙම දැවැන්ත ජාවාරම යටතේ ඇතුන් 400ක් මරා දමා, ඇ.ඩො.මිලියන 2.5ක් වටිනා ඇත් දළ වෙළෙඳාමක් සිදුකර ඇති බව හෙළිවී තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ ටැන්සානියානුවන් දෙදෙනෙකුට අත්අඩංගුවට පත්ව වරදකරුවන් වී තිබේ.

පසුගිය දශකය තුළ මෙම ඇත්දළ ජාවාරම හේතුවෙන් අලි ගහණය 20%කින් පහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.

ඒ අනුව, මේ වනවිට අප්‍රිකාවේ අලි ගහණය 415,000කට අඩුවී ඇති අතර, පසුගිය වසර 10ක කාලය තුළ එහි අඩුවීම 110,000ක් බව සඳහන් වෙයි.

No comments

Powered by Blogger.