මාස 6 න් මෙලොව එළිය දුටු ග්‍රෑම් 268 පමණක් වූ සිඟිත්තාගේ ජීවිතය වෛද්‍යවරුන් බේරා ගනී



 පසුගිය වසරේ අගෝස්තු මස ජපානයේ ටෝකියෝ රෝහලේ උපන් ග්‍රෑම් 268ක් තරම් අඩු බරක් ඇති දරුවෙකු කිලෝග්රෑම් 3.2 ක සාමාන්‍ය තත්වයට වර්ධනය කර ජීවිත අවදානමක් නැතිව නිරෝගීව ගෙදර යැවීමට  එම රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

 මාස 5 ක කාලයක් දියුණු තාක්ෂනික ක්‍රම උපායන් භාවිතා කරමින්  කෘත්‍රිම පහසුකම් සහිතව කිලෝග්රෑම් 3.2 ක සාමාන්‍ය තත්වයට වර්ධනය කර ගැනිමට හැකි වීම වෛද්‍ය විද්‍යව ලැබූ ලොකු ජයග්‍රහනයක් බවටයි වෛද්‍ය වරුන්ගේ මතය වී ඇත්තේ.

පසුගිය වසරේ අගෝස්තු මස මෙම දරුවාගේ උපත හදිසි සිසේරියන් සැත්කමකින් සිදුකර තිබුනේ වෛද්‍ය පරීක්ෂණ අනුව මෙම දරුවාගේ වර්ධනය ඇණහිට ඇති බවට ලැබුණ සංඥා නිසායි.

ඉපැදෙන විට තනි අත්ලක තබාගතහැකි තරම් කුඩාවූ මෙම දරුවා ගැන ලෝකයේම කතා බහට අද ලක්වෙනවා.




No comments

Powered by Blogger.