රවීගේ හිතුවක්කාර ටෙන්ඩර් ගනුදෙනුවට වෘත්තීය සමිති වල දැඩි විරෝධය - රටට සිදුවන පාඩුව මිලියන 90,000ක්



මෙගාවොට් 300ක ධාරිතාතාවයෙන් යුතු එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය එම ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත්කල දේශීය සමාගමට ලබා නොදී ඊට වඩා ඉහළ මිලක් නියම කල චීන හිමිකාරීත්වයක් සහිත සමාගමට ලබාදීම මගින් රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බව ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිතිය විසින් චෝදනා කරනවා. කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා හිතුමතේ තමන්ගේ පෞද්ගලික ලාබ ප්‍රයෝජනය උදෙසා මෙලෙස ක්‍රියා කරන බවයි.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති සමීර ගනේගොඩ මහතා,

“ලක්දනවි සමාගම වසර ගණනාවක පටන් දේශීයව සහ ජාත්‍යන්තරව විදුලිබලාගාර ව්‍යාපෘති රැසක් සාර්ථකව ඉදිකල කීර්තිමත් සමාගමක්. සම්පූර්නයෙන්ම දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත සමාගමක්. විවිධ හේතු පවසමින් ලක්දනවි ඉදිරිපත් කල අවම මිල ප්‍රතික්ෂේප කරලා මෙම ටෙන්ඩරය 70% අයිතියක් චීනයට හිමි චයිනා ජී.සී.එල් සමාගමට ලබාදීමට විදුලිබල අමාත්‍යංශය සැරසෙනවා. ඩොලරයේ අගය වෙනස් වීම මත මින් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 90 පමණ වනවා. මෙය මහබැංකු බැදුම්කර වංචාව වගේ කීප ගුණයක් විශාල වංචාවක්.”

No comments

Powered by Blogger.