කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව රන්ජන් කමිටුව හමුවේ සියල්ල හෙළිකරයි


කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව හමුවේ අද රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙනී සිටියා.   පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී මෙම කමිටුව රැස්ව පැවති අතර, අදාල මැති ඇමතිවරුන්ගේ සියළු විස්තර ලිඛිතව තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බවයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම එම සියළු තොරතුරු  ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවට බාර දී තිබෙනවා.

මෙහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමර්ශනය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තවද ඉදිරියේදී එම නම් සියළු මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කරන බවත් ඇමතිවරයා කියා සිටියා.

No comments

Powered by Blogger.