මංගලගේ වෙබ් අඩවිවලින් රුවන්ට මඩ ප්‍රහාරයක්..!


සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යම් කරුණක් අරඹයා එකඟත්වයකට එළඹෙන්න්නේ  බොහෝ කලාතුරකිනි.   නමුත් මෙවර ඔවුන් එකට එක්ව යම් තීරණයක් ගෙන තිබේ. ඒ මංගලට එරෙහිවයි.

ඊයේ හදිසියේම මංගල සමරවීර අමාත්‍යවරයා ඔහු දැරූ ජනමාධ්‍ය විශය පථයෙන් ඉවත් කර මුදල් විශයේ පමණක් කැබිනට් අමාත්‍යධූරයේ රැදවීමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදි.

මෝස්තර නිර්මාණ ශිල්පියෙකු විසින් රටේ වැදගත්ම අමාත්‍යංශයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කිරීම කතා කල යුතු මාතෘකාවකි. නමුත් මේ මොහොතේ අපගේ අවධානය යොමු විය යුත්තේ ජනමාධ්‍ය (කැබිනට් නොවන) අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් රුවන් විජේවර්ධන මහතාට එරෙහිව  සමාජජාල මාධ්‍ය තුලින් එල්ල වන මඩ ප්‍රහාරයන් පිළිබඳවයි.

රුවන් විජේවර්ධන යනු කිසිදු විටෙක දූෂණ හෝ වංචාවලට සම්බන්ධ වූ බවට නම කියැවුණු චරිතයක් නොවේ.

විජේවර්ධන මහතාගේ පිළිබඳව සැලකීමේදී අප විසින් විශේෂයෙන් මතක තබාගත යුතු වන්නේ ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් විජය පුවත්පත් සමාගම පාලනය කරමින් සිටියදීම අගමැති රනිල්ව විවේචනය කරන ප්‍රධානම පුවත්පතක් ලෙස එම සමාගම විසින් පළ කරන "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වීමයි.

එසේ තිබියදී මංගල සමරවීර මහතා විසින් මුදල් යොදවමින් පවත්වාගෙන යන වෙබ් අඩවි හරහා රුවන් විජේවර්ධන මහතා මෙම තනතුරට නුසුදුසු බවට මතයක් සමාජගත කරමින් සිටියි. එය ප්‍රසිද්ධ රහසකි.

නුදුරේදීම කොළඹ "කොක්ටේල් කල්ලිය" හෙවත් මංගල සමරවීරට හිතවත් සිවිල් සංවිධානද රුවන් විජේවර්ධනට එරෙහිව සිය අවි ඔසවනු ඇත.

මංගලට වඩා පිරිසිදු අතීතයක් ඇති රුවන්ට නිදහසේ නව අමාත්‍යංශයයේ සිය රාජකාරි කටයුතු කරගන්නට ලැබේයැයි අප විශ්වාස කරමු.

No comments

Powered by Blogger.