පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් බුරුවා ගහලා මාට්ටු



නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ ගම්මානයේ  මුදලට  බුරුවා ගසමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහුන් අතර, පොහොට්ටු නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ද වන බවයි.

 නවගත්තේගම පොලිසියට ලැබුණ තොරතුක් මත අදාළ සුදු ක්‍රීඩා කළ ස්ථානය වැටලීමට පොලීසිය කටයුතු කර ඇති අතර,  අත් අඩංගුවට ගත් සැකකරුවන් නවගත්තේගම පොලිසියට රැගෙන එමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරිමට කටයුතු කර තිබුණා.

සැකකරුවන් යළි 22 දින ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙසටද පොලිසිය දන්වා තිබෙනවා .

No comments

Powered by Blogger.