සේනා දළඹුවා විද්‍යාගාර තුලදී සකස් කළ ජානමය විකෘතියක්


සේනා දළඹු විශේෂය ජානමය වශයෙන් විකෘති කර විද්‍යාගාර තුලදී සකස් කළ සත්ත්ව විශේෂයක් බවට තොරතුරු අනාවරණය වෙමින් ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සත්වයා ස්භාවික පරිනාමය ඔස්සේ පැමිණි සත්වයෙක් නොවන බවයි. 

පවත්නා කෘමිනාශක වලට ඔරොත්තු දීමට හැකිවී ඇත්තේ මේ නිසා බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.


එමෙන්ම දේශීය ක‍්‍රම කෙරෙහි විශ්වාසය තබන්නේ නම් සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා බඩඉරිඟු වගාවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් මතු නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. බඩඉරිඟු වගා කිරීම තාවකාලිකව නතර කිරීමෙන් තවත් ගැටලූ කිහිපයක් මතුවිය හැකි බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ.

Powered by Blogger.